ඔබේ දැනුමට

මූලික අවශ්‍යතා
පාරිභෝගිකයාගේ පැවැත්ම තහවුරු කෙරෙන මූලික භාණ්ඩ හා සේවා එනම් ආහාර, ජලය, ඇඳුම්, නිවාස, සෞඛ්‍ය හා සනීපාරක්ෂක සේවා අධ්‍යාපනය හා ඵලදායක රැකියාවක් කිරීමේ අයිතිය

රැකවරණය නොහොත් සුරක්ෂිත භාවය
සෞඛ්‍යයට හා ජීවිතයට හානිකර භාණ්ඩ හා සේවා සැපයීමෙන්/ වෙළඳාමෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය

තොරතුරු
දැනුවත් හා සබුද්ධික තෝරාගැනීමක් සඳහා ඉවහල්වන සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය වංක හෝ නොමඟ යවන සුළු දැන්වීම් හෝ ප්‍රචාරණයෙන් ආරක්ෂා වීමට ඇති අයිතිය.

තෝරාගැනීම
යහපත් ප්‍රමිති හා පිරිවිතරවලින් යුත් භාණ්ඩ හා සේවා තරඟකාරී මිල ගණන් වලට තෝරා ගැනීමේ අයිතිය

සවන් යොමු කරවා ගැනීම
රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දී පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සහ අදහස් උදහස් ප්‍රකාශ කිරීමට හා ඒවාට ඇහුම්කන් දීමක් ලබාගැනීමේ අයිතිය

සහන/ පිළියම්
ව්‍යාජ තොරතුරු අයහපත් භාණ්ඩ සහ අසතුටුදායක සේවා සැපයීමෙන් සිදුවන වෙළඳපල අසාධාරණයන්ට වන්දි හෝ සහන ලබාගැනීමේ අයිතිය

පාරිභෝගික අධ්‍යාපනය
වෙළඳපලේදී නිවැරදි  පාරිභෝගිකයෙකු වශයෙන් කටයුතු කිරීමට දැනුම හා කුසලතා අත්කර ගැනීමේ අයිතිය

සුවදායක පරිසරය
ජීවිතයට අනතුරුදායක හෝ තර්ජනාත්මක නොවන්නා වූ ද අභිමානවත් හා යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට ඉඩ සැළසෙන්නා වූ ද පරිසරයක ජීවත් වීමට හා රැකියාවක් කිරීමට ඇති අයිතිය

පාරිභෝගික යුතුකම්
පාරිභෝගික ජන සමාජයේ සුරක‍ෂිත භාවය තහවරු කිරීම සදහා සෑම පාරිභෝගිකයෙකුම අයිතිවාසිකම් පිළිබදව දැනුවත් විය යුතුවා පමණක් නොව යුතුකම් (වගකීම්) කීපයක්ද සපුරා ලිය යුතු බව පාරිභෝගික ජාත්‍යන්තරය අවධාරණය කරයි.

මනා අවබෝධය
පාරිභෝගික නීති රීති අයිතිවාසිකම් හා යුතුකම් මෙන්ම සේවා සැපයීමට වගකිවයුතු ආයතන පිළිබදව හා සේවා ඉටුකරගැනීමට පෙළගැසිය යුතු ආකාරය පිළිබඳ අවබෝධය

ක්‍රියාශීලීත්වය
තම දැනුම උපයෝගී කරගනිමින් පාරිභෝගික ගැටඵ වලට පිළියම් සෙවීමට සකී්‍රයව දායක වීම

සමාජශීලීභාවය
පාරිභෝගිකයා සහ පරිසරය ආරක‍ෂා කර ගැනීමට සිය දායකත්වය නොමසුරුව ලබා දීම සදහා කැප වීම

පරිසරය පිළිබදව අවබෝධය
යහපත් දිවිපෙවෙතක් ගත කිරීමට සුදුසු භෞතික හා මානසික පරිසරය ආරක‍ෂා කර ගැනීම සදහා අටශ්‍ය වන තොරතුරු සහ තත්වයන් පිළිබදව දැනුම ඇති කර ගැනීම

සහෝදරත්වය
සියඵ පාරිභෝගිකයින්ට ගැටඵ ඇති වන බව වටහා ගෙන සාමුහිකව පිළියම් සැළසුම් කිරීම සදහා එක අරමුණක පිහිටා කටයුතු කිරීමේ හැකියාව

උපුටාගැනිම : http://www.caa.gov.lk